සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල අධ්‍යාපන කළාපයේ වරකාපොල කොට්ඨාශයේ නියදුරුපොල ග්‍රාමයේ කුඩා කදු ගැටයක් මුදුනේ පිහිටි අප පාසල ගුණ නැණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිලිණ කළ කීරතිමත් විදුහල් මාතාවකි. පාසලේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ යටතේ ක්‍රියාත්මක වේ. අ.පො.ස.(උ.පෙළ) කලා විෂය ධාරාවෙන් ඉගෙන්වීම් කටයුතු සිදු කරයි.
"ගුණ නැණයෙන් පිරි කුසලතා පුර්ණ නිරෝගිමත් දරුවන්."
"බෞද්ධ ශික්ෂණය තුලින් පෝෂණය වූ ශ්‍රී ලාංකීය සමාජය තුළට භෞතික හා මානව සම්පත් උපරිම ලෙස ප්‍රයෝජනයට ගනිමින් පාසලේ දැක්ම කරා ළගාවියහැකි සමබර පෞර්ශයකින් හෙබි සිසු පරපුරක් බිහිකිරීම ."