කෑ/වර/නියදුරුපොල මහා විද්‍යාලය

නිර්මාතෘවරු

2024 සමස්ත ලංකා සංගිත තරගවලියේ ප්‍රථම ස්ථානය

අ.පො.ස. සා.පෙළ විභාගය2024(25) අයදුම් කරුවන් ලියාපදිංචි කිරීම

img-20241106-wa00541.jpg
slide-3.png

 

නියදුරුපොල ග්‍රාමයේ වැඩිහිටියන් කිහිප දෙනෙක් පාසලක  අවශ්‍යතාවය  පිළිබද සාකච්ඡ  කොට ඔවුන්ගේම ඉඩම්වල 1931 දී  පමණ  පාසල පිහිටුවා ගැනීමට කටයුතු යොදාගත් බව වැඩිහිටියන්ගේ තොරතුරු වලින් අනාවරණය වේ.
ඩබ්.කුලදේව මහතා පාසලේ ආදිකතෘ ලෙස සදහන් කළ බවත් ආර්.එම.පෑලිස් මහතා සහ ආර්.එම.අරනෝලිස් යන මහත්වරුද පුරෝගාමින් ලෙස ක්‍රියා කර ඇති බවත් ප්‍රකාශ වේ. ආරම්භයේදී පොල් අතු අසුරා තාවකාලික අයුරින් සකස් කරගත් පාසල පසුව වරිච්චි ගසා සකස් කරගත් බවට අදහස් ප්‍රකාශ වේ.පාසල මුලින්ම ආරම්භ කරන විට සිසුන් 15ක් පමණ සිටි බවත්, ඔවුන්ට අධ්‍යාපනය ලබා දීමට එවකට දැන උගත් මහත්ම මහත්මීන් තිදෙනෙක් ස්වේච්ඡවෙන්ම ඉදිරිපත් වූ බවත් ආර්.එම.බොඹුවල මහත්මිගෙන් අසා දැනගන්නට ලැබුණි.

 ශිෂ්‍ය සංඛ්යාව වැඩිවන විට ස්ථිර ගොඩනැගිල්ලක අවශ්‍යතාවය පිළිබද අවධානය යොමු කළ ගම් ප්‍රධානින්  කොළඹ තරුණ අභිවෘද්ධී සංගමයට ඒ බව ලිය ඉදිරිපත් කල බවද,එම ආයතනයෙන් ස්ථිර ගොඩනැගිල්ලක් ලබා ගැනීම සදහා ආධාර ලැබුන බවද ස්වේච්ඡවෙන් වැඩ කල ගුරුවරුනට දිරි දීමනාවක් ගෙවනු ලබූ බවද කියවේ.තවද දැනගත් තොරතුරු අතර පාසලේ දියුණුවට සී.ජේ . මැතිව් මැතිණිය, විලියම් මහත්මිය වැනි පරිත්‍යාගශීලින්ගේ  නොමද සහාය ලැබී ඇත.