
ගමේ වැඩිහිටියන්ගෙන් සොයා දැනගත් තොරතුරු අනුව නියදුරුපොල පාසලේ ආරම්භය 1931 වර්ෂයේදී සිදුවිය . එවකට ගම ප්‍රධානින් ලෙස කටයුතු කළ වැඩිහිටියන් කිහිප දෙනෙක් පාසලේ අවශ්යතාවය පිළිබද සාකච්ඡ කොට ඔවුන්ගේම ඉඩම්වල පාසල පිහිටුවා ගැනීමට කටයුතු යොදාගත් බව වැඩිහිටියන්ගේ තොරතුරු වලින් අනාවරණය වේ .මෙම ගමේ පාසල පිහිටුවා ගැනීමට පෙර ගලපිටමඩ සහ තල්ලියද්ද ග්‍රාමයන්හි පාසල් වලටද ගමේ දරුවන් අධ්‍යාපනය සදහා ගිය බවත් එම විදුහල් වලින් ඇති වූ යම් යම් ගැටලු මය සිදුවීම් ගමේ පාසල ඇති වීමට පදනම් වූ බවත් වැඩිහිටියන්ගේ අදහසය .
ඩබ් .කුලදේව මහතා පාසලේ ආදිකතෘ ලෙස සදහන් කළ බවත් ආර් .එම.පෑලිස් මහතා සහ ආර් .එම .අරනෝලිස් යන මහත්වරුද පුරෝගාමින් ලෙස ක්‍රියා කර ඇති බවත් ප්‍රකාශ වේ .ආරම්භයේදී පොල් අතු අසුරා තාවකාලික අයුරින් සකස් කරගත් පාසල පසුව වරිච්චි ගසා සකස් කරගත් බවට අදහස් ප්‍රකාශ වේ.පාසල මුලින්ම ආරම්භ කරන විට සිසුන් 15ක් පමණ සිටි බවත් .ඔවුන්ට අධ්‍යාපනය ලබා දීමට එවකට දැන උගත් මහත්ම මහත්මීන් තිදෙනෙක් ස්වේච්ඡවෙන්ම ඉදිරිපත් වූ බවත් ආර් .එම. බොඹුවල මහත්මිගෙන් අසා දැනගන්නට ලැබුණි .ශිෂ්‍ය සංඛ්යාව වැඩිවන විට ස්ථිර ගොඩනැගිල්ලක අවශ්යතාව පිළිබද අවධානය යොමු කළ ගම් ප්‍රධාදනින් කොළඹ තරුණ අභිවෘද්ධී සංගමයට ඒ බව ලිය ඉදිරිපත් කල බවද,එම ආයතනයෙන් ස්ථිර ගොඩනැගිල්ලක් ලබා ගැනීම සදහා ආධාර ලැබුන බවද ස්වේච්ඡවෙන් වැඩ කල ගුරුවරුනට දිරි දීමනාවක් ගෙවනු ලබූ බවද කියවේ.තවද දැනගත් තොරතුරු අතර පාසලේ දිව්නුවට මැතිව් මහතා සහ එම මැතිණිය විලියම් මහත්මිය වැනි පරිත්ත්යාශිලීන්ගේ නොමද සහය ලැබී ඇත .
මුළු කාලයෙදී පිරිමි සිසුන් කමිසය සහ සරම ද ශිෂ්යාවන් රෙද්ද සහ හැට්ටයකින් ද සැරසී ආ බවත් පසු කාලීනව ශිෂ්යාවන් ළමා සාරියෙන් සැරසී ආ බවත් පනහේ දශකය අග වනවිට ශිෂ්යයින් කොට කලිසමද ශිෂ්යාවන් කොට සුදු ගවුමෙන්ද සැරසී පැමිණියහ.ලැබී ඇති ලිඛිත මුලාශ අනුව ඩි .රාමනායක මහතා ආරම්භක අවදියේ එක විදුහල්පති වරයෙකී.1960 දශකය පාසලේ නවෝදයක් සිදුවූ අවදියකි .මේ වනවිට සිසුන් 400ක් 500 ක් අතර ප්‍රමාණයක් අධ්‍යාපනය ලබා ඇත එම ශෂ්‍ය ප්‍රමාණය 80 දශකය වන විට 900 ත් 1000 ක් දක්වා වර්ධණය වී තිබේ.ඈත ප්රදේශවලින් ගුරුවරු පැමිණියහ. 1968 වර්ෂයේදී මහා විද්යාලයක් බවට පත් විය .පෝෂක ප්රදේශය තුල ගමන් පහසුකම් යාබද ගම ප්‍රදේශවල පාසල් නොතිබීමත් නිසා නියදුරුපොල විද්යාලයට සිසුන්ගේ පැමිණීමේ වැඩි ප්‍රවනතාවයක් පෙන්නුම් කර ඇත .
මූලාරම්භයේ දී නියදුරුපොල පාසල නමින් හැදින්වූ අතර පසුකාලීනව නියදුරුපොල ශ්‍රී පරාක්‍රම මහා විද්යාලය නමින්ද වර්තමානයේ නියදුරුපොල මහා විද්යාලය නමින් ද හැදින්වේ.ලිඛිත හා ලිඛිත නොවන මුලාශ්රය අනුව මෙතෙක් දළවශයෙන් විදුහල්පතිවරු 40 ක් පමණ සේවය කර ඇත මේ අතර වීරක්කොඩි මයා ,ඩී.විමලරත්න මයා, ආර්.ඇම්.වැලිකුඹුර මයා, ලාල් පියරත්න මයා, ජී.එම්'සෙනවිරත්න මයා, එම්.බී.හෙට්ටිආරච්චි මයා, උස්සපිටියේ හිමි සහ ඩබ්.ඒ. විජේසිරි මයා හා මෑත කාලින විදුහල්පතිවරු අතර වීරක්කොඩි මයා,සිරිසේන මයා,ලාල් පියරත්න මයා, ජි.එච්.මාලනී කුසුමලතා මහත් මිය, යන විදුහල්පති වරුන්ගේ අවධීන් විද්යාලයේ වර්තමාන සංවර්ධනයට පදනම් දැමූ කාල වකවානු ලෙස සැලකිය හැකිය.
උසස් පරතිඵල ලබා ගැනීමට ඉතා ඇපකැප වීමෙන් ක්‍රියා කළ විදුහල්පති කෙනෙකු ලෙස ඩී.විමලරත්න විදුහල්පතිතුමා අදත් ආදී සිසුන් සිහිපත් කරති.මෙතුමාගේ කාලයේ ප්රථමික අංශය සදහා වෙනම රජයෙන් ඉඩම් පරිත්‍යග ලැබීමද භාගයක් ලෙස සලකමු.මෑත කාලයේ සේවය කළ විදුහල්පතිවරු ඉතා කෙටි කාලයක් තුළ ස්ථාන මාරු වීම් ලැබ ගිය අතර විශාල සේවයක් ඉටු කිරීමට අවකාශ නොලැබුණ බව සිහිපත් කරන අතර වර්තමාන විදුහල්පති කේ.බි.එච්.ලංකාතිලක මයා ඉතා කැපවීමෙන් හා ගුරු ශිෂ්ය දෙපක්ෂයේ සිත් දිනාගෙන පාසල් ප්‍රජාවගේ ද මනා සහයෝගයෙන් පාසලේ අධ්‍යාපන හා භෞතික සංවර්ධනය ඉදිරියට පවත්වාගෙන යාමට පසු බිමක් ඇති කරමින් ක්‍රියා කරන බව සතුටින් ප්රකාශ කර සිටිමු.
|
ආරම්භ කළ වර්ෂය |
1931 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
03 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
15 |
|
පාසලේ ආදි කතෘගේ නම |
ඩබ් .කුලදේව මහතා |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
කෑ/වර/නියදුරුපොල මහා විද්‍යාලය |
|
පාසල රජයට පවරාගත් දිනය |
1962 |






